(සමන්පාලිත නානායක්කාර)
හපුතලේ හොරදරව්ව හන්දිය ආසන්නයේදී අද (23) සවස නාවික හමුදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
කොස්ලන්ද ප්‍රදේශයේ මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි වෑන් රථයක සිටි පිරිසක් මෙසේ නාවික හමුදා බස් රථයක ගැටී බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
තුවාල කරුවන් දෙදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට කඩිනමින් මාරුකර යවා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.
වෑන් රථයේ ගමන් ගෙන ඇත්තේ වැලිමඩ නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
දියතලාව දක්වා පැමිණෙමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථයක ගැටී සිදු වූ මෙම අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුවී ඇති බවද පොලිසිය කියයි.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


